மாவட்ட செயலாளர்

IMG-20240708-WA0002.jpg

Mr. Ginige Prasanna Janaka Kumara

 

_______________________________________________

 

 

ONLINE VEHICLE REVENUE SERVICE

sel 2 1 finalized


ව්‍යාපාරය ලියාපදිංචිය මාර්ගගත සබැඳිය (e-BR)

sel 2 1 finalized


Tell The GA

 

Supplier Registration - 2026 - From October 31st, 2025

Sup 2025

  

Call for nominations for the Jury List for the year 2027

Jury

Call for nominations for the Jury List for the year 2027

You are kindly requested to complete the form of names of the non-junior civil servants you wish to present from your office for the preparation of the Jury List for the year 2027, as mentioned in this annexure, and forward it to our email address mentioned in the letter before 15.11.2026, along with a certificate from an executive officer. 

Visit for Details

 

          
 

Meeting & GA Programme

செய்தி மற்றும் நிகழ்வுகள்

“අත්තම” ජාතික පවිත්‍රතා දින වැඩසටහන

“එකමුතුව එක්වෙමු – පිරිසිදු ශ්‍රී ලංකාවක් ගොඩනගමු” යන තේමාව යටතේ සංවිධානය කරන ලද “අත්තම” ජාතික පවිත්‍රතා දින වැඩසටහනට සමගාමීව කොළඹ දිස්ත්‍රික් වැඩසටහන මට්ටක්කුළිය කාකදූපත පරිශ්‍රයේදී වෙරළ තීරය පවිත්‍ර...

කොළඹ දිස්ත්‍රික්කයේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් ගෙවීම් පහසුකම අරඹයි

විනිවිදභාවයෙන් යුතුව ජනතාවට වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබාදීම රජයේ අරමුණයි- අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය - "ඩිජිටල්කරණය" තුළින් මහජන සේවාවන් වඩාත් කාර්යක්ෂම, විනිවිදභාවයකින් යුක්ත හා පහසු ආකාරයෙන්...

ඩිජිටල්කරණය තුළින් මහජන සේවාවන් වඩා කාර්යක්ෂම කිරිම

ඉදිරියේදී කොළඹ දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කිරිමට නියමිත ඩිජිටල්කරණය තුළින් මහජන සේවාවන් වඩා කාර්යක්ෂම කිරිම සඳහා බැංකු කාඩ්පත් මගින් ගෙවිමේ පහසුකම් හඳුන්වාදීමේ වැඩසටහන පිළිබඳව ප්‍රධාන පාර්ශවකාර ආයත...

විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන - පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය

පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජාතික වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක ඩෙංගු මර්දන වැඩසටහන එක් එක් දිනයන්ට විශේෂතාවය ලැබෙන පරිදි ඒකාබද්ධ යාන්ත්‍රණයකින් ක්‍රියාත්මක විය. මෙහිදී නිවාස සහ ආයතන පරීක්ෂාව, ව...

විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන - කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය

ජාතික ඩෙංගු මර්දන සතියට සමගාමීව දැනුවත් කිරීමේ වැඩසටහනක් කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් ප්‍රියනාත් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් සහ කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ උප සභාපති චන්ද්‍රසිරි මහතා, ගොතටු...

විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුම් වැඩසටහන - කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය

කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සියලුම ග්‍රාම නිලධාරි වසම් ආවරණය වන පරිදි වසම් වල ඩෙංගු මර්ධන මෙහෙයුම් සතියට සමගාමීව ඩෙංගු අවධානම පිළිබඳව මූලික දැනුවත් කිරීම, නිවාස පරීක්ෂාව, බැනර් ප්‍රදර්ශනය කිරීම...

විනිවිදභාවයෙන් යුතුව ජනතාවට වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබාදීම රජයේ අරමුණයි
- අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය -

"ඩිජිටල්කරණය" තුළින් මහජන සේවාවන් වඩාත් කාර්යක්ෂම, විනිවිදභාවයකින් යුක්ත හා පහසු ආකාරයෙන් ලබාදීමේ ජාතික වැඩපිළිවෙල ශක්තිමත් කරමින්, රාජ්‍ය ආයතන වෙත බැංකු කාඩ්පත් මගින් (POS යන්ත්‍ර හරහා) මුදල් ගෙවීමේ නව පහසුකම හඳුන්වාදීමේ සමාරම්භක උත්සවය අද (ජූලි 02) තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ඒ අනුව තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බිම් මහලේ පිහිටි රෙජිස්ට්‍රාර් අංශයේ සහ 4 වන මහලේ පිහිටි වාහන ආදායම් බලපත්‍ර අංශයේ POS යන්ත්‍ර විවෘත කර සංකේතාත්මකව උප්පැන්න සහතික සහ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අග්‍රාමාත්‍යතුමියගේ සහභාගීත්වයෙන් සිදුවිය.

කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මඟපෙන්වීම යටතේ ලංකා බැංකුවේ (BOC) මූල්‍ය හා තාක්ෂණික අනුග්‍රහය ඇතිව ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය මගින් කොළඹ දිස්ත්‍රික්කය තුළ පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාල 13 ක් ආවරණය වන පරිදි මහජනතාවගෙන් ගාස්තු අයකරන අවස්ථාවන්හිදී ක්‍රෙඩිට් (Credit) සහ ඩෙබිට් (Debit) කාඩ්පත් භාවිතයෙන් ආරක්ෂිතව ගෙවීම් සිදුකිරීමට මෙමගින් අවස්ථාව සැලසේ.

එහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, වර්තමාන ලෝකයේ වේගයෙන් සිදුවන ඩිජිටල්කරණයට අනුගත වෙමින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශය නවීකරණය කිරීම රජයේ ප්‍රධාන අරමුණයි. මෙම ක්‍රමවේදය හරහා සේවාලාභීන්ට මුදල් රැගෙන පැමිණීමේ අවදානම මඟහැරෙනවා, ඉතා කෙටි කාලයකින් තමන්ට අවශ්‍ය සේවාවන් කාර්යක්ෂමව ලබාගැනීමට හැකියාවත් මේ මගින් ලැබෙන බවද පැවසුවාය.

අද සිට කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය යටතේ පවතින තිඹිරිගස්යාය, කොළඹ, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, කොලොන්නාව, කඩුවෙල, හෝමාගම, මහරගම, සිතාවක, පාදුක්ක, කැස්බෑව, රත්මලාන, දෙහිවල, මොරටුව යන ප්‍රාදේශිය ලේකම් කාර්යාලයන් 13හි ඇරඹෙන නව POS ගෙවීම් ක්‍රමවේදය හරහා ජනතාවට මුදල් නෝට්ටු ළඟ තබාගෙන යාමකින් තොරව බැංකු කාඩ්පත් මගින් සෘජුවම ගෙවීම් සිදුකිරීමේ හැකියාව,ගනුදෙනු ඉතා ඉක්මනින් නිමකළ හැකි බැවින්, ජනතාවට සේවාවන් ලබාගැනීමට ගතවන කාලය අවම වීම, විශාල මුදල් ප්‍රමාණයක් අත තබා ගැනීමට අවශ්‍ය නොවන බැවින් මූල්‍ය වංචා හා මුදල් අස්ථානගත වීමේ අවදානම අවම වීම, නවීන තාක්ෂණය භාවිතයෙන් ගෙවීම් සිදුකිරීම හරහා රටේ සමස්ත ඩිජිටල් ආර්ථික සංවර්ධනයට දායක වීම, සියලුම ගනුදෙනු විගණනයට ලක්කිරීම පහසු වන අතර, රජයේ ආදායම් නිවැරදිව වාර්තාගත වීම යන ප්‍රතිලාභ හිමි වේ.

අද දින සිටම කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් මෙම බැංකු කාඩ්පත් මගින් ගෙවීම් සිදුකිරීමේ සේවාව මහජනතාව සඳහා විවෘතවන අතර මෙමඟින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය තුළ මූල්‍ය පාලනය වඩාත් විනිවිද පෙනෙන සුළු සහ ජනතා හිතකාමී පරිසරයක් කරා පරිවර්තනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙම අවස්ථාවට කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු ගරු සභාපති ලක්ෂ්මන් නිපුණආරච්චි මැතිතුමා, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් එස්. ආලෝකබණ්ඩාර මහතා, බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කේ.පී. ප්‍රදීප් පුෂ්පකුමාර මහතා, දිස්ත්‍රික් ලේකම් ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතා, රෙජිස්ට්‍රාර් ජනරාල් සහ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් ඇතුළු දෙපාර්තමේන්තු ප්‍රධානීන් අතිරේක දිස්ත්‍රික් ලේකම්වරුන්, තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම්, දිස්ත්‍රික් ප්‍රධාන ගණකාධිකාරි ඇතුළු රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, ස්වදේශ කටයුතු අංශය, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි නිලධාරින් සහ ලංකා බැංකු ප්‍රධානින් ඇතුළු නියෝජිතයින් රැසක් සහභාගී විය.

Left Image Right Image
 
Left Image Right Image
 
Left Image Right Image
 
Left Image Right Image
 
Left Image Right Image
 
Left Image Right Image
 
Left Image Right Image
 
Left Image Right Image
 
Left Image Right Image
 
Left ImageRight ImageLeft Image