කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සියලුම ග්‍රාම නිලධාරි වසම් ආවරණය වන පරිදි වසම් වල ඩෙංගු මර්ධන මෙහෙයුම් සතියට සමගාමීව ඩෙංගු අවධානම පිළිබඳව මූලික දැනුවත් කිරීම, නිවාස පරීක්ෂාව, බැනර් ප්‍රදර්ශනය කිරීම, ප්රචාරක කටයුතු සිදු කිරීම, දිරාපත් නොවන ද්‍රව්‍යය එකතු කිරීම හා ශ්‍රමදාන වැඩසටහන් 2026.06.17, 18, 19, 20 හා 21 දිනයන් හීදී කොට්ඨාශයේ සියලුම ග්‍රාම නිලධාරි වසම් ආවරණය වන පරිදි පැවැත්විණි.
මේ සඳහා වසම්හි සංවර්ධන නිලධාරී, ග්‍රාම නිලධාරී, සමෘද්ධි නිලධාරි, පෙර පාසල් ගුරුවරුන්, ප්‍රජා ශක්ති කමිටුවේ සාමාජිකයින්, ස්වේච්චා සමිති සාමාජිකයින්, ආරක්ෂක කමිටු සාමාජිකයින්, මහජන සෞඛ්‍ය අංශයේ නිලධාරින්, සියලුම රාජ්‍ය නිලධාරීන් හා මහජන නියෝජිතයින් සහභාගි විය.
ප්‍රදේශයේ ඩෙංගු අවධානම අවම කිරීම සඳහා අවට ප්‍රදේශවාසීන් දැනුවත් කිරීම මෙහි මූලික අරමුණ විය.වැඩසටහන සංවිධානය ප්‍රාදේශීය ලේකම්තුමියගේ උපදෙස් හා මගපෙන්වීම පරිදි වසමේ රාජ්‍ය නිලධාරීන් විසිනි.









