மாவட்ட செயலாளர்

IMG-20240708-WA0002.jpg

Mr. Ginige Prasanna Janaka Kumara

 

_______________________________________________

 

 

ONLINE VEHICLE REVENUE SERVICE

sel 2 1 finalized


ව්‍යාපාරය ලියාපදිංචිය මාර්ගගත සබැඳිය (e-BR)

sel 2 1 finalized


Tell The GA

 

Supplier Registration - 2026 - From October 31st, 2025

Sup 2025

  

Call for nominations for the Jury List for the year 2027

Jury

Call for nominations for the Jury List for the year 2027

You are kindly requested to complete the form of names of the non-junior civil servants you wish to present from your office for the preparation of the Jury List for the year 2027, as mentioned in this annexure, and forward it to our email address mentioned in the letter before 15.11.2026, along with a certificate from an executive officer. 

Visit for Details

 

          
 

Meeting & GA Programme

செய்தி மற்றும் நிகழ்வுகள்

“අත්තම” ජාතික පවිත්‍රතා දින වැඩසටහන

“එකමුතුව එක්වෙමු – පිරිසිදු ශ්‍රී ලංකාවක් ගොඩනගමු” යන තේමාව යටතේ සංවිධානය කරන ලද “අත්තම” ජාතික පවිත්‍රතා දින වැඩසටහනට සමගාමීව කොළඹ දිස්ත්‍රික් වැඩසටහන මට්ටක්කුළිය කාකදූපත පරිශ්‍රයේදී වෙරළ තීරය පවිත්‍ර...

කොළඹ දිස්ත්‍රික්කයේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් ගෙවීම් පහසුකම අරඹයි

විනිවිදභාවයෙන් යුතුව ජනතාවට වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබාදීම රජයේ අරමුණයි- අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය - "ඩිජිටල්කරණය" තුළින් මහජන සේවාවන් වඩාත් කාර්යක්ෂම, විනිවිදභාවයකින් යුක්ත හා පහසු ආකාරයෙන්...

ඩිජිටල්කරණය තුළින් මහජන සේවාවන් වඩා කාර්යක්ෂම කිරිම

ඉදිරියේදී කොළඹ දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කිරිමට නියමිත ඩිජිටල්කරණය තුළින් මහජන සේවාවන් වඩා කාර්යක්ෂම කිරිම සඳහා බැංකු කාඩ්පත් මගින් ගෙවිමේ පහසුකම් හඳුන්වාදීමේ වැඩසටහන පිළිබඳව ප්‍රධාන පාර්ශවකාර ආයත...

විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන - පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය

පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජාතික වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක ඩෙංගු මර්දන වැඩසටහන එක් එක් දිනයන්ට විශේෂතාවය ලැබෙන පරිදි ඒකාබද්ධ යාන්ත්‍රණයකින් ක්‍රියාත්මක විය. මෙහිදී නිවාස සහ ආයතන පරීක්ෂාව, ව...

විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන - කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය

ජාතික ඩෙංගු මර්දන සතියට සමගාමීව දැනුවත් කිරීමේ වැඩසටහනක් කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් ප්‍රියනාත් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් සහ කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ උප සභාපති චන්ද්‍රසිරි මහතා, ගොතටු...

විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුම් වැඩසටහන - කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය

කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සියලුම ග්‍රාම නිලධාරි වසම් ආවරණය වන පරිදි වසම් වල ඩෙංගු මර්ධන මෙහෙයුම් සතියට සමගාමීව ඩෙංගු අවධානම පිළිබඳව මූලික දැනුවත් කිරීම, නිවාස පරීක්ෂාව, බැනර් ප්‍රදර්ශනය කිරීම...

VOC1කොවිඩ් වසංගත තත්ත්වය තුළ අඛණ්ඩ රාජ්‍ය පරිපාලනය යුතුකමක් නොව ඉටුකමක් කරගත් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය නිලදරුවන්ගේ ගායන කෞෂල්‍යය ඉදිරියට ගෙන ඒම සඳහා VOICE OF COLOMBO ගායන රියැලිටි වැඩසටහන ආරම්භ කෙරුණා.

 

කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති ප්‍රදීප් යසරත්න මහතාගේ සංකල්පයකට අනුව "සුගම සුලලිත ගුණැති රියැලිටිය" යන තේමා පාඨයෙන් ක්‍රියාත්මක VOICE OF COLOMBO රියැලිටි වැඩසටහන සඳහා අයදුම්කරුවන් තුන්සියයකට ආසන්න පිරිසක් අයදුම් කර තිබෙනවා.

එම අයදුම්කරුවන් සඳහා තරඟයට ඉදිරිපත්වීම ,තරඟ කොන්දේසි, සලකා බැලෙන වෙනත් අවශ්‍යතා ආදිය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් 2021 ඔක්තොබර් මස 09 සහ 10 දෙදින කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණා.    

පවත්නා කොවිඩ් 19 වසංගත තත්ත්වය යටතේ නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදවලට අනුව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් එම දින දෙක තුළ සැසි හතරක් වශයෙන් මෙම පූර්ව දැනුවත් කිරීම සිදු කෙරුණා.

දැනුවත් කිරීම සිදු කරන ලද්දේ වැඩසටහනෙහි විනිශ්චය මණ්ඩලය ලෙස කටයුතු කරන ප්‍රවීණ ගායන ශිල්පීන් වන රෝහණ බෝගොඩ මහතා, රෝහණ සිරිවර්ධන මහතා, ප්‍රවීණ මාධ්‍යවේදී සහ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අතුල රන්සිරිලාල් මහතා සහ ප්‍රවීණ ගායන ශිල්පිනී නිරංජලා සරෝජනී මහත්මියගේ සම්පත්දායකත්වයනේ.

එම වැඩසටහන් සඳහා කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති ප්‍රදීප් යසරත්න මහතා, වැඩසටහනේ පූර්ණ මාධ්‍ය ප්‍රචාරණ අනුග්‍රාහකත්වය දරණ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපති සුදත් රෝහණ මහතා, ප්‍රධාන අනුග්‍රාහක දායකත්වයන් ලබාදෙන IDEAL මෝටර්ස් ආයතනයේ උප සභාපති හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතා, FAB ආයතයේ අධිපති හේමන්ත පෙරේරා මහතා, ස්වාධීන රූපවාහිනී සේවයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ( වැඩසටහන් ) සරත් කුමාර පෙරේරා මහතා, VOICE OF COLOMBO වැඩසටහනේ සම නිෂ්පාදක අශාන් මනෝල මහතා, සංගීත ශිල්පී ශාලික ඉෂාන් මහතා ඇතුළු පිරිසක් සහභාගී වුණා.

එසේ ම ඒ ඒ ප්‍රාදේශීය ලේකම් කාර්යාල සඳහා සිදු කල දැනුවත් කිරීමේ වැඩසටහන් සඳහා අයදුම්කරුවන් සහ එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ප්‍රාදේශීය ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරියන් ද සහභාගී වූ අතර, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය නියෝජනය කරමින් අතිරේක දිස්ත්‍රික් ලේකම් සම්පත් ඉඩම්ගොඩගේ මහතා, සහකාර දිස්ත්‍රික් ලේකම් නදීෂා දර්ශනී මහත්මිය ඇතුළු අනෙකුත් මාණ්ඩලික නිලධාරීන් සහ සංවිධායක මණ්ඩලයේ නිලධාරීන් සහභාගී වුණා.

VOICE OF COLOMBO රියැලිටි ගායන වැඩසටහනේ අයදුම්කරුවන් සඳහා වන මූලික හඬ පරීක්ෂණ ඔක්තෝබර් මස 28 -29 - 30 - 31 දිනවල දී දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය පරිශ්‍රය තුළ සැකසෙන විශේෂ මැදිරියක දී සිදු කිරීමට නියමිත ව තිබෙනවා.

 VOC2 1

 

VOC2 2

 

VOC2 3

VOC2 4

 

VOC2 5