
සමෘද්ධි , ගෘහ ආර්ථික , ක්ෂුද්‍ර මූල්‍ය , ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය මගින් ප්‍රකාශයට පත් කර ඇති "සෞභාග්‍යා - සමෘද්ධි " සතියට සමගාමී ව හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ "සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන" වැඩසටහන යටතේ විසිතුරු මල් හා විසිතුරු පත්‍රික ශාක නිෂ්පාදන හා අපනයන ප්‍රවර්ධන ගම්මාන වැඩසටහනේ සමාරම්භක උත්සවය 2021 ජූලි මස 03 දින හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවත්වුණා.
හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ග්‍රාම නිලධාරී වසම් 81 අතුරින් උඩුගහපත්තුවට අයත් ග්‍රාම නිලධාරී වසම් තිස් එක ( 31 ) මෙම ව්‍යාපෘතියට අයත් වෙනාවා.
එම ව්‍යාපෘතිය හා සම්බන්ධ වී සිටින ප්‍රතිලාභීන්ගේ අදායම් මට්ටම 40% කින් ඉහළ නැංවීම, ගුණාත්මක මල් නිෂ්පාදන ඉහළ නැංවීම හා අපනයන වෙළඳපොල සදහා ව්‍යවසායකයින් දිරිගැන්වීම වැඩසටහනේ අපේක්ෂිත මූලික අරමුණුයි.
ප්‍රතිලාභීන් / හෝමාගම විසිතුරු මල් හා විසිතුරු පත්‍රික ශාක නිෂ්පාදනය හා අපනයන ගම්මාන සමිති සම්බන්ධීකරණ කමිටුව සමඟ අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීම ද එහි දී සිදු කෙරුණා.
එසේ ම එම වැඩසටහනට සමගාමී ව සමෘද්ධිලාභී හා අඩු ආදායම්ලාභී සනීපාරක්ෂක, වැසිකිළි පහසුකම් නොමැති ප්‍රතිලාභීන් සදහා වැසිකිළි පහසුකම් සැපයීමේ වැඩසටහන යටතේ තෝරාගත් ප්‍රතිලාභීන් දෙදෙනෙකු ට ලිපි ප්‍රදානය ද, හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තෝරාගත් පෙර පාසැල් වෙත අත් සේදුම් බේසම් ( සින්ක් ) සංකේතාත්මක ව ලබාදීම ද සිදු වුණා.
දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් ප්‍රදීප් උඳුගොඩ මහතා, කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති ප්‍රදීප් යසරත්න මහතා,සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආර්.එම්.පී.රත්නායක මහතා, කොළඹ දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂ සේනක පී. සිල්වා මහතා,හෝමාගම ප්‍රාදේශීය ලේකම් දුමින්ද චින්තක මහතා,හෝමාගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ උප සභාපති හිටපු පළාත් සභා මන්ත්‍රී ජනක වැලිවත්ත මහතා , හෝමාගම ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් ජයසිංහ මහතා ඇතුළු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්,සහකාර අධ්‍යක්ෂ ( ක්‍රම සම්පාදන) නිලංකා එස්. සම්පත් මහත්මිය, කහතුඩුව කෘෂි උපදේශක නිලධාරී , සංවර්ධන නිලධාරින් හා මල් වගා කරුවන් මෙම අවස්ථාවට සම්බන්ධ වුණා.
හෝමාගම ප්‍රාදේශීය ලේකම්වරයාගේ උපදෙස් මත සහකාර අධ්‍යක්ෂ ( ක්‍රම සම්පාදන) නිලංකා එස්. සම්පත් මහත්මියගේ අධීක්ෂණයෙන් හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය සැලසුම් අංශය මගීන් එම වැඩසටහන සංවිධානය කරනු ලැබුවා.



























