
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් පොසොන් පොහොයට සමගාමි ව ක්‍රියාත්මක කල 2021 පොසොන් උදානය වැඩසටහන යටතේ අත්කම් නිර්මාණ තරගාවලියට යොමු කල නිර්මාණවල ජයග්‍රාහකයින් තෝරා ගැනීම පසුගිය දා සිදු කරනු ලැබුවා.
ජයග්‍රාහකයින් තෝරා ගැනීම කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති ප්‍රදීප් යසරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සහ කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කසුන් ඈපා සෙනෙවිරත්න මහතාගේ සහභාගිත්වයෙන් සිදු වුණා.
එම නිර්මාණ තරඟාවලිය සඳහා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දරුවන්ගේ 1000
ආසන්න නිර්මාණ අතුරින් ජයග්‍රාහකයින් තෝරා ගැනීම ජාතික ශිල්ප සභාවේ හිටපු සභාපති සුදත් අබේසේකර මහතා සහ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්ය සිසිර කුමාර මහ ගමගේ මහතා ඇතුළු විද්වත් මණ්ඩලයක් විසින් සිදු කරනු ලැබුවා.


























