නිරිත දිග මෝසම් සුළං සක්‍රීය වීම හේතුවෙන් සීග්‍රයෙන් ඩෙංගු හා චිකන් ගුන්‍යා රෝග පැතිරයාමේ දැඩි අවදානමක් පවතින බවට හඳුනාගෙන ඇති අතර කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම අවදානම් ප්‍රදේශය බවට මාලබේ ප්‍රදේශය හඳුනාගෙන ඇත
එබැවින් පොහොසත් රටක් - ලස්සන ජීවිතයක් තේමාව යටතේ 2026.06.15 සිට 20 දක්වා යෙදී ඇති ඩෙංගු මර්දන ජාතික වැඩසටහනට සමගාමීව 2026.06.17වන දින කඩුවෙල ප්‍රාදේශිය කාර්යාල පරිශ්‍රය තුළ ශ්‍රමදානයක් පැවැත්වීණි.
එහි දී සියලුම කාර්‍යාල නිලධාරීන් එක්ව මදුරුවන් බෝවන ස්ථාන හඳුනාගෙන පිරිසිදු කළ අතර ඩෙංගු මදුරුවන් බෝ නොවන පරිසරයක් ඇති කිරීමට කටයුතු කෙරිණි.



























