மாவட்ட செயலாளர்

IMG-20240708-WA0002.jpg

Mr. Ginige Prasanna Janaka Kumara

 

_______________________________________________

 

 

ONLINE VEHICLE REVENUE SERVICE

sel 2 1 finalized


ව්‍යාපාරය ලියාපදිංචිය මාර්ගගත සබැඳිය (e-BR)

sel 2 1 finalized


Tell The GA

 

Supplier Registration - 2026 - From October 31st, 2025

Sup 2025

  

Call for nominations for the Jury List for the year 2027

Jury

Call for nominations for the Jury List for the year 2027

You are kindly requested to complete the form of names of the non-junior civil servants you wish to present from your office for the preparation of the Jury List for the year 2027, as mentioned in this annexure, and forward it to our email address mentioned in the letter before 15.11.2026, along with a certificate from an executive officer. 

Visit for Details

 

          
 

Meeting & GA Programme

செய்தி மற்றும் நிகழ்வுகள்

“අත්තම” ජාතික පවිත්‍රතා දින වැඩසටහන

“එකමුතුව එක්වෙමු – පිරිසිදු ශ්‍රී ලංකාවක් ගොඩනගමු” යන තේමාව යටතේ සංවිධානය කරන ලද “අත්තම” ජාතික පවිත්‍රතා දින වැඩසටහනට සමගාමීව කොළඹ දිස්ත්‍රික් වැඩසටහන මට්ටක්කුළිය කාකදූපත පරිශ්‍රයේදී වෙරළ තීරය පවිත්‍ර...

කොළඹ දිස්ත්‍රික්කයේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් ගෙවීම් පහසුකම අරඹයි

විනිවිදභාවයෙන් යුතුව ජනතාවට වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබාදීම රජයේ අරමුණයි- අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය - "ඩිජිටල්කරණය" තුළින් මහජන සේවාවන් වඩාත් කාර්යක්ෂම, විනිවිදභාවයකින් යුක්ත හා පහසු ආකාරයෙන්...

ඩිජිටල්කරණය තුළින් මහජන සේවාවන් වඩා කාර්යක්ෂම කිරිම

ඉදිරියේදී කොළඹ දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කිරිමට නියමිත ඩිජිටල්කරණය තුළින් මහජන සේවාවන් වඩා කාර්යක්ෂම කිරිම සඳහා බැංකු කාඩ්පත් මගින් ගෙවිමේ පහසුකම් හඳුන්වාදීමේ වැඩසටහන පිළිබඳව ප්‍රධාන පාර්ශවකාර ආයත...

විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන - පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය

පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජාතික වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක ඩෙංගු මර්දන වැඩසටහන එක් එක් දිනයන්ට විශේෂතාවය ලැබෙන පරිදි ඒකාබද්ධ යාන්ත්‍රණයකින් ක්‍රියාත්මක විය. මෙහිදී නිවාස සහ ආයතන පරීක්ෂාව, ව...

විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන - කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය

ජාතික ඩෙංගු මර්දන සතියට සමගාමීව දැනුවත් කිරීමේ වැඩසටහනක් කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් ප්‍රියනාත් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් සහ කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ උප සභාපති චන්ද්‍රසිරි මහතා, ගොතටු...

විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුම් වැඩසටහන - කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය

කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සියලුම ග්‍රාම නිලධාරි වසම් ආවරණය වන පරිදි වසම් වල ඩෙංගු මර්ධන මෙහෙයුම් සතියට සමගාමීව ඩෙංගු අවධානම පිළිබඳව මූලික දැනුවත් කිරීම, නිවාස පරීක්ෂාව, බැනර් ප්‍රදර්ශනය කිරීම...

කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා පළාත් පාලන ආයතන Clean Sri Lanka වැඩසටහන වෙනුවෙන් ක්‍රියාත්මක කරන වැඩසටහන් පිළිබඳව දැනුවත් කිරිමේ විශේෂ සාකච්ඡාවක් දිස්ත්‍රික් ලේකම් ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතා සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින(05) දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කුඩා ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

සියළුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල, පළාත් පාලන ආයතන ඇතුළු අනෙකුත් ආයතන මේ සඳහා Zoom තාක්ෂණය ඔස්සේ සම්බන්ධ විය. කොළඹ දිස්ත්‍රික්කය තුළ Clean Sri Lanka වැඩසටහන නිළ වශයෙන් ආරම්භ කිරිම මේ මස 09 වන දින සියලුම ප්‍රාදේශිය ලේකම් කාර්යාල නියෝජනය වන පරිදි දිස්ත්‍රික්කයේ මහජන නියෝජිතයනගේද සහභාගීත්වයෙන් පළාත් පාලන ආයතන, ශ්‍රී ලංකා පොලිසිය, ත්‍රිවිධ හමුදාව, සෞඛ්‍ය ආයතන, විශ්ව විද්‍යාල ඇතුළු රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධානවල සහයෝගයෙන් සිදුකිරිමට නියමිතය.

ඒ අනුව එළැඹෙන 09 වන දින කොළඹ, රත්මලාන, මොරටුව, තිඹිරිගස්‍ යාය, දෙහිවල යන ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් කොළඹ දිස්ත්‍රික්කයේ වෙරළ තීරයන් පිරිසිදු කිරිමටත් අනෙකුත් ප්‍රා.ලේ.කාර්යාල මගින් ප්‍රධාන වැඩසටහන් වශයෙන් විවිධ ශ්‍රමදාන වැඩසටහන් සහ දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරිමටත් නියමිතය.

Clean Sri Lanka වැඩසටහනට අමතරව මෙහිදී පළාත් සභා සංවර්ධන වැඩසටහන හා විමධ්‍යගත සංවර්ධන වැඩසටහන යටතේ 2025 වර්ෂය යටතේ ක්‍රියාත්මක කිරිමට නියමිත ව්‍යාපෘති යෝජනා පිළිබඳව සහ අස්වැසුම වැඩසටහනේ ප්‍රගතිය සහ ගැටළු සම්බන්ධයෙන්ද ප්‍රාදේශිය ලේකම්වරුන් සමඟ සාකච්ජා කරන ලදී.

මේ සාකච්ඡාව සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් ලේකම්තුමියන් දෙපළ, ක්‍රම සම්පාදන නියෝජ්‍ය අධ්‍යක්ෂතුමිය සහ හේමන්ත වීරකෝන්, වායි බල්තසාර්, එස්. සියුෂාන් යන මහත්ම මහත්මීන් සහභාගී වූ අතර අනෙකුත් ආයතන නිළධාරින් ZOOM තාක්ෂණය ඔස්සේ සම්බන්ධ විය.

ga

ga

ga