2025 වසරේ පළමු වන කොළඹ දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩල රැස්වීම, කඩුවෙල උතුර ශාසනාරක්ෂක මණ්ඩලයේ ගරු සභාපති නවගමුව සුගතබිම්බාරාම රජමහා විහාරාධිපති කළ්‍යානි සාමාග්‍රීය මහා සංඝ සභාවේ මහා නායක පූජ්‍ය මල්වානේ පඤ්ඤාසාර මහා ස්වාමීන්වහන්සේ, කොළඹ දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලයේ හා කඩුවෙල ශාසනාරක්ෂක මණ්ඩලයේ ගරු ප්‍රධාන ලේඛකාධිකාරී කොරතොට රජමහාවිහාරාධිකාරි පූජ්‍ය හබරක සුමනසාර ස්වාමීන්වහන්සේ සහ දිස්ත්‍රික් ලේකම් ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30) පස්වරුවේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී රැස්විය.
පසුගිය වසරේ වාර්තාව ඉදිරිපත් කර සම්මත කර ගැනීමෙන් අනතුරුව දිස්ත්‍රික් වාර්ෂික සැලැස්ම පිළිබඳව සාකච්ජා කරන ලදී. එහිදී එක් ප්‍රාදේශීය බලමණ්ඩලවල ලේඛකාධිකාරි ස්වාමීන්වහන්සේලා විසින් තම ප්‍රදේශයේ ඉදිරිපත් කිරීමට අපේක්ෂිත වැඩසටහන් පිළිබඳ විස්තර ඉදිරිපත් කළහ. එවගේම දිස්ත්‍රික්කයට පොදුවේ බලපාන ගැටළු කිහිපයක් කෙරේද අවධානය යොමු කෙරිණ.
මේ සඳහා දිස්ත්‍රික්කයේ සියළුම මහානායකවරුන්, අනුනායක හිමිවරුන්, නායක ස්වාමින් වහන්සේලා සහ ලේඛකාධිකාරි ස්වාමීන්වහන්සේලා ඇතුළුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්යමණ්ඩල ප්‍රධානින්, ප්‍රාදේශීය ලේකම්වරුන්, දිස්ත්‍රික් බෞද්ධ කටයුතු නිළධාරින් සහභාගි විය.

























