ස්ව ශක්ති බල මණ්ඩල හා සමාජසේවා නිළධාරින්ගේ ප්‍රගති සමාලෝචන රැස්වීම කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) එම්.ඒ.එස් කාංචනා ගුණවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (26) දින කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාල කුඩා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
ඒ අනුව දිස්ත්‍රික් ස්ව ශක්ති බල මණ්ඩල රැස්වීමේදී, ස්ව ශක්ති සංවිධානයේ අරමුදල තර කර ගැනීම, ස්ව ශක්ති අභිමානී තරගාවලියේදී දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය ලබාගත් ගත් ස්ව ශක්ති සංවිධාන වලට සහතිකපත් ලබාදීම, මැයි මාසයේදී භක්ති ගීත වැඩසටහනක් සංවිධානය කිරීම, සැප්තැම්බර් පළමු වන දිනට ආබාධ සහිත පුද්ගලයන්ගේ දක්ෂෂතා එළිදැක්වීමේ වැසටහනක් පැවැත්වීම පිිබඳව සාකච්ඡා කර ක්‍රියාත්මක කිරීමට එකඟතාව පළ කරන ලදී.
ඊට අමතරව සමාජසේවා නිළධාරින්ගේ මෙම වර්ෂයට අදාළ ප්‍රගති සමාලෝචනයද සිදුකෙරිණ.
මෙම අවස්ථාවට කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල නියෝජනය කරමින් සමාජ සේවා නිළධාරින් සහ ස්ව ශක්ති බලමණ්ඩල සංවිධානයන්හි නිළධාරින් සහභාගී විය.

























