ජ්‍යෙෂ්ඨ ජන්ද ස්ථානාධිපතිවරුන් සඳහා මැතිවරණ රාජකාරි පිළිබඳව දැනුවත් කිරීමේ පුහුණු වැඩසටහන් මාලාවේ තෙවැනි අදියර අද (2024.10.25) දින උදෑසන දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පැවැත්වීය.
කොළඹ දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරි (දිස්ත්‍රික් ලේකම්/දිසාපති) ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම වැඩමුළුව සඳහා සම්පත් දායකත්වය මැතිවරණ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරි සහ විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම්වරයකු වන ඒ.සේනානායක මහතා විසින් ලබාදුන් අතර ඒකාබද්ධ සේවා අධ්යක්ෂ මනෝජ් අමරසිංහ මහතාද එක්ව සිටියේය.
මේ සඳහා ජ්‍යෙෂ්ඨ ජන්ද ස්ථානාධිපතිවරුන් දෙසියයකට ආසන්න පිරිසක් සහභාගි වූහ.


























