මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදි කොළඹ දිස්ත්‍රික්කයේ ජන්ද මධ්‍යස්ථානයන්හි ජන්ද පෙට්ටි, ජන්ද පත්‍රිකා සහ ඊට අදාළ ලිපි ද්‍රව්‍ය නිකුත් කිරිම් භාරගැනීමේ සහකාර තේරිම්භාර නිලධාරින් සඳහා වන උපදෙස් වැඩමුළුවක් අද (24) උදෑසන කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ.
කොළඹ දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරි (දිස්ත්‍රික් ලේකම්/දිසාපති) ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම වැඩමුළුව සඳහා සම්පත් දායකත්වය මැතිවරණ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරි සහ විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම්වරයකු වන ඒ.සේනානායක මහතා විසින් ලබාදුන් අතර මෙයට ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ මනෝජ් අමරසිංහ මහතාද එක්ව සිටියේය.
මෙම වැඩසටහන සඳහා නිකුත් කිරීම් භාර ගැනීමේ සහකාර තේරීම්හාර නිළධාරින් හාරසියයකට ආසන්න පිරිසක් සහභාගි වූහ.


























