කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පසුගිය නොවැම්බර් 28 දින පැවැත්විණි.
ඒ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපති, කොළඹ දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ප්‍රදීප් උඳුගොඩ මහතා, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපති, බස්නාහිර පළාත් ගරු ආණ්ඩුකාරවර මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක මහතා කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති කේ.ජි. විජේසිරි මහතා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි.
පක්ෂ විපක්ෂ නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ, පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර යන මහත්වරුන් ද මෙම අවස්ථාව සඳහා සහභාගීවිය.
දිස්ත්‍රික්කයේ පවතින සෞඛ්‍ය ගැටළු, දිස්ත්‍රික්කය තුල ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යපෘති, ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සහතික කිරීම සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වැඩ සටහන් සහ එහි ප්‍රගතිය, දේශගුණික අවබලපෑම් අවම කිරීමේ බහු අදියර වැඩසටහනේ ප්‍රගතිය ඇතුළු කරුණු රැසක් පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරිණි.
කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය නියෝජනය කරන නිලධාරීන්, කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට එක්වසිටියහ.
- කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය -






















