மாவட்ட செயலாளர்

IMG-20240708-WA0002.jpg

Mr. Ginige Prasanna Janaka Kumara

 

_______________________________________________

 

 

ONLINE VEHICLE REVENUE SERVICE

sel 2 1 finalized


ව්‍යාපාරය ලියාපදිංචිය මාර්ගගත සබැඳිය (e-BR)

sel 2 1 finalized


Tell The GA

 

Supplier Registration - 2026 - From October 31st, 2025

Sup 2025

  

Call for nominations for the Jury List for the year 2027

Jury

Call for nominations for the Jury List for the year 2027

You are kindly requested to complete the form of names of the non-junior civil servants you wish to present from your office for the preparation of the Jury List for the year 2027, as mentioned in this annexure, and forward it to our email address mentioned in the letter before 15.11.2026, along with a certificate from an executive officer. 

Visit for Details

 

          
 

Meeting & GA Programme

செய்தி மற்றும் நிகழ்வுகள்

“අත්තම” ජාතික පවිත්‍රතා දින වැඩසටහන

“එකමුතුව එක්වෙමු – පිරිසිදු ශ්‍රී ලංකාවක් ගොඩනගමු” යන තේමාව යටතේ සංවිධානය කරන ලද “අත්තම” ජාතික පවිත්‍රතා දින වැඩසටහනට සමගාමීව කොළඹ දිස්ත්‍රික් වැඩසටහන මට්ටක්කුළිය කාකදූපත පරිශ්‍රයේදී වෙරළ තීරය පවිත්‍ර...

කොළඹ දිස්ත්‍රික්කයේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් ගෙවීම් පහසුකම අරඹයි

විනිවිදභාවයෙන් යුතුව ජනතාවට වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබාදීම රජයේ අරමුණයි- අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය - "ඩිජිටල්කරණය" තුළින් මහජන සේවාවන් වඩාත් කාර්යක්ෂම, විනිවිදභාවයකින් යුක්ත හා පහසු ආකාරයෙන්...

ඩිජිටල්කරණය තුළින් මහජන සේවාවන් වඩා කාර්යක්ෂම කිරිම

ඉදිරියේදී කොළඹ දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කිරිමට නියමිත ඩිජිටල්කරණය තුළින් මහජන සේවාවන් වඩා කාර්යක්ෂම කිරිම සඳහා බැංකු කාඩ්පත් මගින් ගෙවිමේ පහසුකම් හඳුන්වාදීමේ වැඩසටහන පිළිබඳව ප්‍රධාන පාර්ශවකාර ආයත...

විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන - පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය

පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජාතික වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක ඩෙංගු මර්දන වැඩසටහන එක් එක් දිනයන්ට විශේෂතාවය ලැබෙන පරිදි ඒකාබද්ධ යාන්ත්‍රණයකින් ක්‍රියාත්මක විය. මෙහිදී නිවාස සහ ආයතන පරීක්ෂාව, ව...

විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන - කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය

ජාතික ඩෙංගු මර්දන සතියට සමගාමීව දැනුවත් කිරීමේ වැඩසටහනක් කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් ප්‍රියනාත් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් සහ කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ උප සභාපති චන්ද්‍රසිරි මහතා, ගොතටු...

විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුම් වැඩසටහන - කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය

කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සියලුම ග්‍රාම නිලධාරි වසම් ආවරණය වන පරිදි වසම් වල ඩෙංගු මර්ධන මෙහෙයුම් සතියට සමගාමීව ඩෙංගු අවධානම පිළිබඳව මූලික දැනුවත් කිරීම, නිවාස පරීක්ෂාව, බැනර් ප්‍රදර්ශනය කිරීම...

කසාන් අන්තර්ජාතික මුස්ලිම් චිත්‍රපට උළෙලේදී හොඳම නළුවාට හිමි සම්මානය හා ලන්ඩන් රේන්බෝ සිනමා උළෙලේදී හොදම අධ්‍යක්ෂණය වෙනුවෙන් හිමි සම්මානය ඇතුළු ජාත්‍යන්තර සම්මාන රැසක් හිමිකරගත්  “ද නිවුස් පේපර්” සිනමාපටය ප්‍රථම වරට දේශීය වශයෙන් ඇගයීම පසුගිය සැප්තැම්බර් 30 වනදා කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී සිදුවිය.

IMG 20221003 WA0008 IMG 20221003 WA0002 IMG 20221003 WA0005 IMG 20221003 WA0010

කොළඹ දිස්ත්‍රික් ලේකම්/දිසාපති ප්‍රදීප් යසරත්න මහතාගේ මගපෙන්වීම යටතේ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ හා කොළඹ දිස්ත්‍රික් සංස්කෘතික බලමණ්ඩලයේ සංවිධාන ශක්තියෙන් පැවැත්වුණු සම්මාන පිදීමේ උත්සවය “කොළොම්තොට හරසර ප්‍රණාම” උළෙල ලෙස සංස්කෘතික අංගවලින් විචිත්‍රවත්ව පැවැත්වුණි.

මෙම උළලේදී “ද නිවුස් පේපර්” චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරුන් මෙන්ම ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් දායක වූ කුමාර තිරිමාදුර මහතා සහ සරත් කොතලාවල මහතා ඇගයීමට ලක්විය.

එමෙන්ම එම චිත්‍රපටයේ සම නිෂ්පාදකවරුන් වන ජනමාධ්‍ය හා ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා, සරසවි පොත් ප්‍රකාශක ආයතනයේ අධිපති එච් ඩී ප්‍රේමසිරි සහ ප්‍රවීන සංස්කරණ ශිල්පී රවින්ද්‍ර ගුරුගේ යන මහත්වරුන්ද විශේෂ සම්මානයට පාත්‍ර විය.

මීට අමතරව එම සිනමාපටයේ රංගනයෙන් දායක වූ සියලුම රංගන ශිල්පීන්ට මෙන්ම අනෙකුත් සහය දැක්වූ ශිල්පීන්ටද සහතික පත්‍ර පිරිනැමීය. මෙම සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් එක්වූ ජනමාධ්‍ය හා ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අදහස් දක්වමින් පැවසුවේ ජාත්‍යන්තර සම්මාන දිනාගත් මෙම සිනමා නිර්මාණය සඳහා නිෂ්පාදනයෙන් දායක වීමට ලැබීම සතුටට කරුණක් බවය.

“ද නිවුස් පේපර්” සිනමාපටය ජාත්‍යන්තර වශයෙන් ඇගයීම් ලැබුවත් වසර 3කට පසුව හෝ දේශීය වශයෙන් ලද, ප්‍රථම ඇගයීම වන “කොළොම්තොට හරසර ප්‍රණාම”  සම්මානය තමන්ට ඉතා වැදගත් බව සරත් කොතලාවල මහතා සම්මාන ලබාගැනීමෙන් අනතුරුව උත්සව සභාව අමතමින් පැවසිය.

මෙරට ක්‍රීඩාවට හිමි ස්ථානය සිනාමාවටත් හිමිවන්නේ නම් මෙවැනි ජාත්‍යන්තර වශයෙන් ඇගයීමට ලක්වන නිර්මාණ නිරන්තරයෙන් බිහිවන බව පැවසු කුමාර තිරිමාදුර මහතා, “කොළොම්තොට හරසර ප්‍රණාම” සම්මාන උළෙල සංවිධානය කිරීම පිළිබඳව සංවිධායක මණ්ඩලයට තම ස්තුතිය පළකළේය.

-කොළඹ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය -