மாவட்ட செயலாளர்

IMG-20240708-WA0002.jpg

Mr. Ginige Prasanna Janaka Kumara

 

_______________________________________________

 

 

ONLINE VEHICLE REVENUE SERVICE

sel 2 1 finalized


ව්‍යාපාරය ලියාපදිංචිය මාර්ගගත සබැඳිය (e-BR)

sel 2 1 finalized


Tell The GA

 

Supplier Registration - 2026 - From October 31st, 2025

Sup 2025

  

Call for nominations for the Jury List for the year 2027

Jury

Call for nominations for the Jury List for the year 2027

You are kindly requested to complete the form of names of the non-junior civil servants you wish to present from your office for the preparation of the Jury List for the year 2027, as mentioned in this annexure, and forward it to our email address mentioned in the letter before 15.11.2026, along with a certificate from an executive officer. 

Visit for Details

 

          
 

Meeting & GA Programme

செய்தி மற்றும் நிகழ்வுகள்

“අත්තම” ජාතික පවිත්‍රතා දින වැඩසටහන

“එකමුතුව එක්වෙමු – පිරිසිදු ශ්‍රී ලංකාවක් ගොඩනගමු” යන තේමාව යටතේ සංවිධානය කරන ලද “අත්තම” ජාතික පවිත්‍රතා දින වැඩසටහනට සමගාමීව කොළඹ දිස්ත්‍රික් වැඩසටහන මට්ටක්කුළිය කාකදූපත පරිශ්‍රයේදී වෙරළ තීරය පවිත්‍ර...

කොළඹ දිස්ත්‍රික්කයේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් ගෙවීම් පහසුකම අරඹයි

විනිවිදභාවයෙන් යුතුව ජනතාවට වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබාදීම රජයේ අරමුණයි- අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය - "ඩිජිටල්කරණය" තුළින් මහජන සේවාවන් වඩාත් කාර්යක්ෂම, විනිවිදභාවයකින් යුක්ත හා පහසු ආකාරයෙන්...

ඩිජිටල්කරණය තුළින් මහජන සේවාවන් වඩා කාර්යක්ෂම කිරිම

ඉදිරියේදී කොළඹ දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කිරිමට නියමිත ඩිජිටල්කරණය තුළින් මහජන සේවාවන් වඩා කාර්යක්ෂම කිරිම සඳහා බැංකු කාඩ්පත් මගින් ගෙවිමේ පහසුකම් හඳුන්වාදීමේ වැඩසටහන පිළිබඳව ප්‍රධාන පාර්ශවකාර ආයත...

විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන - පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය

පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජාතික වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක ඩෙංගු මර්දන වැඩසටහන එක් එක් දිනයන්ට විශේෂතාවය ලැබෙන පරිදි ඒකාබද්ධ යාන්ත්‍රණයකින් ක්‍රියාත්මක විය. මෙහිදී නිවාස සහ ආයතන පරීක්ෂාව, ව...

විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන - කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය

ජාතික ඩෙංගු මර්දන සතියට සමගාමීව දැනුවත් කිරීමේ වැඩසටහනක් කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් ප්‍රියනාත් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් සහ කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ උප සභාපති චන්ද්‍රසිරි මහතා, ගොතටු...

විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුම් වැඩසටහන - කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය

කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සියලුම ග්‍රාම නිලධාරි වසම් ආවරණය වන පරිදි වසම් වල ඩෙංගු මර්ධන මෙහෙයුම් සතියට සමගාමීව ඩෙංගු අවධානම පිළිබඳව මූලික දැනුවත් කිරීම, නිවාස පරීක්ෂාව, බැනර් ප්‍රදර්ශනය කිරීම...

facebook_1663983742438_6979253666844203586.jpg
 
2022 සැප්තැම්බර් මාසය සඳහා වන කොළඹ දිස්ත්‍රික් ප්‍රාදේශීය ලේකම් සමුළුව කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති ප්‍රදීප් යසරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාල කුඩා ශ්‍රවණාගාරයේ දී අද (23) පැවැත්විණි.
 
රටේ වත්මන් ආර්ථික අර්බුධය හමුවේ පිඩාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන් රජය විසින් ක්‍රියාත්මක කල "අහාර සුරක්ෂිතතාවය සහ පෝෂණය සහතික කිරීම සදහා ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කේන්ද්‍ර සවිබල ගැන්වීමේ බහු ආංශික ඒකාබද්ධ යාන්ත්‍රණය" වැඩසටහන යටතේ ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කමිටු පිහිටුවීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.
 
රජයේ ඉඩම් සදහා ප්‍රකාශන ඔප්පු ලියාපදිංචි කිරීම වැළැක්වීම, සමෘද්ධි වැඩසටහන යටතේ බොල් ණය හා කල් පසුවූ ණය අයකර ගැනීම, කොළොන්තොට වගා සංග්‍රාමයට සමගාමිව පැවැත්වීමට නියමිත ගෙවතු වගා තරඟය, 75 වන නිදහස් සැමරුම් උළෙල, ලෝක ළමා දිනය වෙනුවෙන් ළමා හා කාන්තා ඒකකය විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත ලෝක ළමා දින සැමරුම් උත්සවය, දිස්ත්‍රික් සාහිත්‍ය උත්සවය, දිසාපති ක්‍රීඩා කුසලාන තරඟාවලියේ පැවැත්වීමට නියමිත ඉදිරි තරඟ යන වැඩසටහන් පිලිබඳ සාකච්ඡා කල අතර පසුගිය වාර්තාවෙන් පැනනගින ගැටළු පිලිබඳව ද සාකච්ඡා කළේය.
 
යල කන්නයේ වී වගාවේ ප්‍රතිය, මහ කන්නයේ වගාවට අවශ්‍ය පොහොර සැපයීමේ ක්‍රමවේදය පිළිබඳ දිසාපතිතුමන් විසින් මෙහිදී සොයා බලන ලදී.
 
ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව, මිනින්දෝරු දෙපාර්තමේන්තුව, ඉඩම් ප්රතිසංස්කරණ කොමිෂන් සභාව නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් දිස්ත්‍රික් නිවාස කමිටුව පැවැත්විණි.
 
"ඔබට ගෙයක් රටට හෙටක්" නිවාස ආධාර වැඩසටහනෙහි ප්‍රගතිය හා නිවාස ණය අයකරගැනීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

මෙම සාකච්ඡාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් සම්පත් ඉඩම්ගොඩගේ, අතිරේක දිස්ත්‍රික් ලේකම් කාංචනා ගුණවර්ධන, කොළඹ දිස්ත්‍රික් ක්‍රමසම්පාදන අධ්‍යක්ෂ සේනක සිල්වා, ප්‍රධාන ගණකාධිකාරී ජි. ජයවීර, කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන්, දිස්ත්‍රික් ඉංජිනේරු ලලිතා ගමගේ මහත්මිය, ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී විය.
 
- කොළඹ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය -
facebook_1663983742438_6979253666844203586.jpg