කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතාගේ අදහසකට අනුව කොළඹ දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක 2022 දිසාපති කුසලාන ක්‍රීඩා තරගාවලියේ නෙට්බෝල් තරගාවලිය රත්මලාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සත්කාරකත්වයෙන්, දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්
රත්මලාන සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල ක්‍රීඩාංගණයේ දී අගෝස්තු 11 දින පැවැත්වුණි.
කොළඹ දිස්ත්‍රික් ප්‍රාදේශීය ලේකම් කාර්යාල 13 හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන්ගෙන් සැදුම් ලත් කණ්ඩායම සමඟ කණ්ඩායම් 14ක් ඒ සඳහා සහභාගිවිය.
කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නෙට්බෝල් කණ්ඩායම තරගාවලියේ අනු ශුරතාවය දිනාගත් අතර අතිවිශිෂ්ඨ තරඟකාරි අවසානයක් සනිටුහන් කරමින් ශූරතා කිරුළ කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය නෙට්බෝල් කණ්ඩායම විසින් දිනාගන්නා ලදී.
ශූරතාවය දිනාගත් කඩුවෙල නෙට්බෝල් කණ්ඩායමටත්, අනුශූරතාවය දිනා ගත් කැස්බෑව නෙට්බෝල් කණ්ඩායමටත්, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ හා කොළඹ අනෙකුත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල උණුසුම් සුභපැතුම්,,,
🏆 🥇🏆 🥇🏆 🥇🏆 🥇🏆 🥇🎉🎉🎉🎉🎉🎉🎉🎉
- කොළඹ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය -
![]() |
![]() |
![]() |
|
||||
![]() |
![]() |
![]() |
![]() |



























