Do1   කොළඹ  දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පුහුණුව ලැබූ අභ්‍යාසලාභී උපාධිධාරීන්ට ස්ථිර පත්වීම් ලබාදීම අද (10) කොළඹ  දිස්ත්‍රික් ලේකම් කාර්යාලයයීය ශ්‍රවණාගාරයේදී  සිදුකෙරිණි.

 

පත්වීම් ලිපි ප්‍රදානය කිරිම කොළඹ දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සම සභාපති විශ්‍රාමික මේජර් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රදීප් උඳුගොඩ හා කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.

රජය  මෙම අභ්‍යාසලාභි උපාධිධාරීන් ස්ථිර සේවයේ පිහිටු විම රජයේ සංවර්ධන ක්‍රියාදාමයක ශක්තිමත් කිරීීම සදහා  ආයොජනයක් වන බවත් කැපවීම  හා අධිෂ්ඨානය තුලින් ඉතා හොඳ ගමනක් යාහැකි බවත් දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා මෙම අවස්ථාවේදී  අභ්‍යාසලාභි උපාධිධාරීන්ට පැවසීය.

මෙම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් සම්පත් ඉඩම්ගොඩගේ මහතා, සහකාර දිස්ත්‍රික් ලේකම් නදීශා දර්ශනී මහත්මිය ඇතුළු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන් සහභාගි වූහ.

 

Do2 1

Do2 2

Do2 3

Do2 5